Connect with us

Foreign

චීනය සිය පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ ලබා දෙයි

Published

on

චීනය විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව නිපදවූ එන්නත සිය පුරවැසියන්ට නොමිලේ ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම කොරෝනා එන්නත් සඳහා වන පිරිවැය වෛද්‍ය රක්ෂණ අරමුදලින් සහ රජයේ මුදලින් පියවා ගන්නා බවයි චීන රජය ප්‍රකාශ කළේ.

එරට ජාතික සෞඛ්‍ය සේවා ආරක්ෂණ පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලී – තාඕ ප්‍රකාශ කළේ එන්නත්වලට වැය වන මුදල මෙන්ම, එන්නත් කිරීමේ වියදම් ද ඊට ඇතුළත් වන බවයි. එම පිරිවැය චීන රජය විසින් දැරීම තුලින් එරට ජනතාව සහ ජීවිත සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රදර්ශනය වන බවයි ඔහු සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending