Connect with us

Politics

එජාප මහලේකම්ධූරය රංගෙ බණ්ඩාරට, සභාපති වජිර, අකිලට උප නායකත්වය, රවීලා කතරගමට

Published

on

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව, පක්ෂයේ නව සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද නව මහ ලේකම්වරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇති බව එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා සඳහන් කළා.

එසේම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා කටයුතු කරන අතර පක්ෂයේ උප නායකධූරයක් සඳහා අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමටත් කටයුතු කර ඇත.

කෙසේ වෙතත් පක්ෂයේ උප නායකයෙකු වන රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ මර්වින් සිල්වා ඇතුළු හිටපු මැතිඇමතිවරුන් පිරිසක් කතරගම පූජා භූමිය වැඳපුදා ගැනීම සඳහා පසුගිය දා එහි ගොස් තිබුණා. එහිදී එම පිරිසගේ නායකත්යෙන් නව දේශපාලන බලවේගයක් නිර්මාණය වන්නේදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් රවී කරුණානායක මහතා සඳහන් කළේ එවැනි තීරණයක් නොමැති අතර පක්ෂය යළි එක්සත් කිරීමේ කටයුතු ආරම්භ කිරීම මෙහි අරමුණ වූ බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් විය යුතු බවත් ඊට ඔහුගේ කැමැත්ත අදාළ නොවන බවත් පක්ෂයේ නව සභාපති වජිර අබේවර්ධන සඳහන් කළා.

Politics

වරාය නගර කෙටුම්පතේ යෝජිත සංශෝධන අදම ‌මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න – අනුර කුමාර දිසානායක

Published

on

By

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව සංශෝධන සහිතව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (19) ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් අනුර කුමාර දිසානායක පවසා සිටියේ සංශෝධනවලින් පසු සම්මත කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන්නේ නව පනතක් බැවින් එම පනත අධ්‍යනය කිරීමට මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇති බවයි. එබැවින් එම එම සංශෝධන සියලුම මන්ත්‍රීවරුන්ට අදම ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ එකී සංශෝධන සියල්ල සියලුම මන්ත්‍රීවරුන් සඳහා කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.

Continue Reading

Politics

නන්දසේන ගෝඨාභයගෙත් චරිත දෙකක් තියෙනවා, ඒ ජාතියෙන් එනවානම් ජාතියෙන් කරන්නනත් පුළුවන් – ජනපති ගෝඨාභයගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Published

on

By

“ගම සමග පිළිසඳර” වැඩසටහනට ඊයේ (08) එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළ කළ අදහස් කීපයක් මේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. එහිදි ජනාදිපතිවරයා පවසා සිටියේ පෙර පැවති ආණ්ඩුව මෙන් දේශපාලන පළිගැනීම් සිදුකරමින් සිටීම වෙනුවට ජනතා අපේක්ෂා වෙනුවෙන් කාලය වැය කිරීම තම වුවමනාව බවයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු දැක් වූ අදහසකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ නන්දසේන ගෝඨාභයට චරිත දෙකක් ඇති බවයි. ඇතැම් ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම උන්වහන්සේලාට අවශ්‍ය ජනාධිපති ගෝඨාභය නොව ආරක්ෂක ලේකම් ගෝඨාභය බව දැන්වූ බව ජනාධිපතිවරයා සිහිපත් කළා. අවශ්‍ය වන්නේ නම් එලෙස කටයුතු කිරීමට ද තමන්ට හැකි බව ඔහු අවධාරණය කළා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“ජනාධිපතිවරයා හැටියට ඒ වගේම රජය හැටියට අපේ ප්‍රතිපත්තියේ මුලික දෙයක් තමයි කෘෂිකර්මාන්තය දියුණු කිරීම. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්න පවුල්වල ඉඩම් ලබාදෙන එක, පොහොර ලබාදෙන එක සහ ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන යෑමට අවශ්‍ය වන දේවල් ලබා දෙන්න තමයි අපේ මුලික ප්‍රතිපත්තිය. මේ සංවර්ධනය තිරසාර සංවර්ධනයක් බවට පෙරළීමට තමයි මේ ගමින්ගමට ගිහින් නිලධාරිනුත් ගෙනගොස් පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දෙන්න ක්‍රියාකරන්නේ.

අපි මුලින් ආපු වෛරසය පාලනය කර ගත්තා දක්ෂ ලෙස. නමුත් දෙවන වර ආපු වෛරසය ඉතා ඉක්මනින් බෝවන නිසා ජනතාව හැටියට තේරුම් අරගෙන ප්‍රවේශම්වෙන්න ඕනේ. එන්නත් මේ වන විටත් ඉන්දියාව, ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය, රුසියාව වැනි රටවල් සමග ඉක්මනින්ම අපටත් ලබා ගැනීමට කටයුතු කරගෙන යනවා. මම ඉන්දියාවේ අගමැතිවරයාට පුද්ගලිකව ලිපියක් ලිව්වා. චීනයේ ජනාධිපතිට පුද්ගලිකව ලිපියක් ලිව්වා ඉක්මනින් ඒ අය සුදානම් විගස අපට මේ එන්නත ලබාදෙන්න කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත්, ඉන්දියාවෙනුත්, චීනයෙනුත් යම් කොටසක් අපිට ලබාදෙයි. ඉතිරි කොටස අපි මිල දී ගන්නවා.

විශාල ජයග්‍රහණයක් අපිට ලබාදුන්නේ තිබුණු ක්‍රමවේදය වෙනස් කරලා. ජනතාවගේ අවශ්‍යතා බලාගෙන රජයක් රටක් ඇති කරන්න. දේශපාලන ක්‍රමය පවා වෙනස් කරන්නට. ඒ හින්ද තමයි. මම බලයට පත් වුණාට පස්සේ ගියපාර වාගේ දේශපාලන පළිගැනීම් කරන්නේ නැහැ. නමුත් අනවශ්‍ය ලෙස බලපෑම් කරලා දේශපාලනය මුල්කරගෙන වැඩකරන්න මම සූදානම් නැහැ. හැබැයි එහෙම කරනකොටත් අවසනාවකට වාගේ දැන් විරුද්ධ පක්ෂයත් තේරුම් අරගෙන නැහැ. ඒ අයත් අර පාදඩ දේශපාලනය තවමත් කරනවා.

පාර්ලිමේන්තුවේ දැක්කානේ පහුගිය දවස්වල හරීන් ප්‍රනාන්දු කියලා මන්ත්‍රීවරයෙක් කතා කරපු විලාසය. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වන්නේ. නන්දසේන කියලා.. ඔව් මම නන්දසේන ගෝඨාභය. හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්නදසේන ගෝඨාභයගෙත් චරිත දෙකක් තියෙනවා. දැන් තාමත් සමහර වෙලාවට හාමුදුරුවරු මට කියනවා. අපිට ඕනේ ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්ඩ ඕනේ කියලා. ඒකත් කරන්ඩ පුළුවන්. ඒ ජාතියෙන් එනවානම් මට ඒ ජාතියෙන් කරන්නනත් පුළුවන්. දැක්කනේ මට අර පිත්තල හංදියේදී බෝම්බයක් ගහලා. ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලේ ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි මමත් ඒක ඉවර කළේ බල්ලෙක් වගේ හතරගාතේ දාලා නන්දිකඩාල් කළපුවේ උස්සගෙන අවේ. ඒ තත්ත්වයට ගෙන එන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් චරිතයක්. දේශපාලනය කරන්නට පුළුවන්. විපක්ෂයත් දේශපාලනය කරන්නට ඕනේ. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වන සාධාරණ දේශපාලනය ඕනේ කරන්න“

Continue Reading

Trending