Connect with us

News

කහතුඩුව රූපලාවණ්‍යාගාරයක හිමිකාරියකට කොරෝනා

Published

on

කහතුඩුව නගරයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියකට සහ එම නගරයේ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුටත් කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඒ අනුව ආසාදිත දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් නගරයේ වෙළෙඳුන් ඇතුළු 250 දෙනෙක් අද (26) PCR පරීක්ෂණවලට යොමුකර ඇත.

මේ වනවිට එම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 100කට අධික ගණනක් හඳුනාගත් බව වාර්තා වේ.

මේ අතර, බදුල්ල සතොස වෙළෙඳ සංකීර්ණයේ පිහිටි මත්ස්‍ය අලෙවිසැළේ මුදල් අයකැමිවරයාටත් කොවිඩ් -19 ආසාදනය වීම නිසා එම වෙළෙඳසැල් අද වසා දැමුණි.

එමෙන්ම බදුල්ලෙන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වූ බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ 11වන ශ්‍රේණියේ සිසුවියකට සහ බදුල්ල ධර්මදූත විදුහලේ 7වන ශ්‍රේණියේ සිසුවෙකුටත් වෛරසය ආසාදනය වී තිබේ.

තවද, මාලිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන පුද්ගලයින් 200 දෙනෙකු තෝරාගෙන අද PCR පරීක්ෂණ 100ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100ක් ද සිදුකර ඇත.

ඇන්ටිජන් පරීක්ෂාවෙන් පුද්ගලයින් තිදෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි අනාවරණ විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

News

කැබිනට් ඇමතිවරු සියල්ල ඉල්ලා අස්වෙයි, අගමැති තවමත් ධූරයේ

Published

on

By

ජූලි 11 දින පැවති විශේෂ කැබිනට් රැස්වීමක දී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සළසමින් කැබිනට් ඇමතිවරුන් සියලු දෙනා ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කැඳවීමකින් තොරව කැබිනට් අමාත්‍යවරුන් රැස්වීමෙන් පසු මෙම තීරණය ගත් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත්වීමට සූදානමක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා. ඒ අනුව, ජූලි 13 වැනිදා ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ව්‍යවස්ථාවට අනුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වීමට අගමැතිවරයා සූදානමින් සිටින බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

Continue Reading

News

කඩා දැමූ ගාල්ලේ ගෝඨාගෝගම ශාඛාව නීතිඥවරුන්ගේ මැදිහත් වීමෙන් යළිත් ලබා දෙයි

Published

on

By

ගාළුමුවදොර ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගලයට සමගාමීව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණය සඳහා සවිකර තිබූ අට්ටාලයක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය කටයුතු කර තිබුණා.

අප්‍රේල් 17 දින පෙරවරුවේ කඩා වැදුනු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අට්ටාලය ඉවත් කර පොලිසිය වෙත ගෙන ගොස් තිබූ අතර ගාල්ල නීතිඥවරුන් කණ්ඩායමක් පොලීසිය වෙත කරුණු විමසා තිබුණා. ඒ අනුව, අදාළ කූඩාරම උද්ඝෝෂකයින් වෙතම නැවත භාර දීමට ගාල්ල පොලිසිය එම නීතිඥවරුන්ට පොරොන්දු වී තිබෙනවා.

පොලිසිය විසින් සිදු කරන ලද ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති පුරවැසියන්ගේ අයිතියට එරෙහි ක්‍රියාවක් බව එම නීතිඥවරුන් පොලිස් නිලධාරීන් වෙත පෙන්වා දී තිබුණා.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් 12 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් සහභාගී වී ඇත.

Continue Reading

News

නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ “නිල නොලත් මහේස්ත්‍රාත්” රිමාන්ඩ්

Published

on

By

නිල නොවන මහෙස්ත්‍රාත් සහ සාමදාන විනිසුරු ලෙස නිල මුද්‍රාවක් ද භාවිතා කළ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ මැයි 27 දින මොරටුව විල්ලෝරවත්ත ප්‍රදේශයේ දී සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ‌අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මැයි 28 දින පෙරවරුවේ ගල්කිස්ස පොලීසියට බාර වීමෙන් අනතුරුවයි.

මෙම නගරාධිපතිවරයා විසින් භාවිතා කරන ලද නිල මුද්‍රාවක සටහන් කර තිබුණේ ‘ඩබ්. සමන් ලාල් ප්‍රනාන්දු, නිල නොලත් මහේස්ත්‍රාත් සහ සාමදාන විනිශ්චායකාර, නගරාධිපති, මොරටුව මහ නගර සභාව ලෙසයි.

නීතිඥවරයෙකු නොවන නගරාධිපතිවරයා, මෙලෙස “නිල නොලත් මහෙස්ත්‍රාත්” ලෙස සටහන් කර තිබීම සම්බන්ධයෙන් මීඩියාඑල්කේ වෙබ් අඩවිය කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ මහ නගර සභාවලට අදාළ 1947 අංක 29 දරන ආඥාපනතේ තුන්වැනි කොටසේ නගරාධිපතිවරයා සම්බන්ධයෙන් සඳහන් වන 16 වගන්තිය අනුව මෙම නාමය භාවිතා කර ඇති බවයි.

“සෑම මහ නගර සභාවකම නගරාධිපතිවරයාට සහ නියෝජ්‍ය නගරාධිපතිවරයාට ඔහු අදාළ ධුරය දරන කාලය තුළදී, අදාළ මහ නගර සභාව පිහිටි පරිපාලන දිස්ත්‍රික්කය තුළ සාමදාන විනිශ්චයකාර සහ නිල නොලත් මහේස්ත්‍රාත් යන ධුර දැරිය හැකිය.” යනුවෙන් එහි දැක්වෙන බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය සමග අදහස් දක්වා ඇති නීතිඥ නිමල් රණසිංහ පෙන්වා දී ඇත්තේ අදාළ ආඥාපනත ඉදිරිපත් වූ කාලයට සාපේක්ෂව එකී නිල නාමය ලබාදී ඇති බවයි.

“ඉහත කාලයේ ආණ්ඩුවේ ඒජනත්වරුන් නඩු ඇහුවා. ඒක ඒ කාලයේ තිබුණු ප්‍රතිපාදනයක්. දැන් ක්‍රියාත්මක නෑ. ඉස්සර ගම්සභා උසාවිවල නඩු ඇහුවෙ ගම් සභාවෙ සභාපති. දැං ඒව නෑනෙ. මේකත් ඒ වගේ.” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

Continue Reading

Trending