Connect with us

News

කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා, ඉංජිනේරු අංශයත් වසා දමයි

Published

on

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ඉංජිනේරු අංශය වසා දැමීමටත්, සේවා සැපයුම් අංශය වෙනම කාර්යාලයක් විවෘත කර ජනතා සේවය සැලසීමට පියවර ගත් බවත් කෝට්ටේ නගරාධිපති අයි.ඒ. වී ප්‍රේමලාල් මහතා අද (28) පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු (එ.ජා.ප) සහ ඉංජිනේරු අංශ නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ මේ පියවර ගත් බව ඒ මහතා පැවසීය.

නාගරික මන්ත්‍රීවරු දෙදෙනා ඔබේසේකරපුර පදිංචිකරුවන් වන අතර එම කලාපය රෝගීන් විශාල වශයෙන් පසුගිය කාලයේ වාර්තා විය. නුගේගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය අංශය විසින් රතු කලාපයක් ලෙස එය නම් කර තිබූ බවද සෞඛ්‍ය අංශ කියාසිටී.

එක් මන්ත්‍රීවරයෙකු කොළඹ ජාතික රෝහලේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හෙළි වී ඇත. ඔහුගේ ආශ්‍රිතයකු ලෙස සිටි මන්ත්‍රීවරුන් 10දෙනෙකුගේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් තවත් මන්ත්‍රීවරයෙකු ආසාධිත තත්වයට පත් වී ඇති බව අනාවරණය වූ බව සෞඛ්‍ය අංශ කීය.මන්ත්‍රීවරු දෙදෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනුණු 50දෙනකුට පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මන්ත්‍රීවරුගේ පවුල් ආශ්‍රිතයන් ද ස්වයං නිරෝධානයට ලක්කළ බව සඳහන් කරන සෞඛ්‍ය අංශ සදුදා වන විට කෝට්ටේ මහා නගර සභාවේ මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් සියලු දෙනාටම පී.සී.ආර් පරීක්ෂණ කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසිය.

රෝගීන් මෙසේ වාර්තාවීමත් සමග පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සඳහන් කළ ඒ මහතා සදුදා වන විට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 200ක් පමණ මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන්ට සිදුකිරීමට සැලසුම් කර ඇති බවද පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාලන අංශයේ සේවා සැපයුම් ලබා ගැනීමට අත්‍යවශ්‍ය වූ කාරණයකට පමණක් පැමිණෙන්නේ නම් එය වඩා වැදගත් වන බව ද පුරපතිවරයා වැඩිදුරටත් පැවසීය.ඉදිරියේදී එම කාර්යාලය විසබීජහරණය කර ඉංජිනේරු අංශය නැවත සේවා සැපයීම සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Advertisement
Click to comment

Leave a Reply

Your email address will not be published.

News

කඩා දැමූ ගාල්ලේ ගෝඨාගෝගම ශාඛාව නීතිඥවරුන්ගේ මැදිහත් වීමෙන් යළිත් ලබා දෙයි

Published

on

By

ගාළුමුවදොර ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගලයට සමගාමීව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණය සඳහා සවිකර තිබූ අට්ටාලයක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය කටයුතු කර තිබුණා.

අප්‍රේල් 17 දින පෙරවරුවේ කඩා වැදුනු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අට්ටාලය ඉවත් කර පොලිසිය වෙත ගෙන ගොස් තිබූ අතර ගාල්ල නීතිඥවරුන් කණ්ඩායමක් පොලීසිය වෙත කරුණු විමසා තිබුණා. ඒ අනුව, අදාළ කූඩාරම උද්ඝෝෂකයින් වෙතම නැවත භාර දීමට ගාල්ල පොලිසිය එම නීතිඥවරුන්ට පොරොන්දු වී තිබෙනවා.

පොලිසිය විසින් සිදු කරන ලද ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති පුරවැසියන්ගේ අයිතියට එරෙහි ක්‍රියාවක් බව එම නීතිඥවරුන් පොලිස් නිලධාරීන් වෙත පෙන්වා දී තිබුණා.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් 12 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් සහභාගී වී ඇත.

Continue Reading

News

නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ “නිල නොලත් මහේස්ත්‍රාත්” රිමාන්ඩ්

Published

on

By

නිල නොවන මහෙස්ත්‍රාත් සහ සාමදාන විනිසුරු ලෙස නිල මුද්‍රාවක් ද භාවිතා කළ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ මැයි 27 දින මොරටුව විල්ලෝරවත්ත ප්‍රදේශයේ දී සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ‌අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මැයි 28 දින පෙරවරුවේ ගල්කිස්ස පොලීසියට බාර වීමෙන් අනතුරුවයි.

මෙම නගරාධිපතිවරයා විසින් භාවිතා කරන ලද නිල මුද්‍රාවක සටහන් කර තිබුණේ ‘ඩබ්. සමන් ලාල් ප්‍රනාන්දු, නිල නොලත් මහේස්ත්‍රාත් සහ සාමදාන විනිශ්චායකාර, නගරාධිපති, මොරටුව මහ නගර සභාව ලෙසයි.

නීතිඥවරයෙකු නොවන නගරාධිපතිවරයා, මෙලෙස “නිල නොලත් මහෙස්ත්‍රාත්” ලෙස සටහන් කර තිබීම සම්බන්ධයෙන් මීඩියාඑල්කේ වෙබ් අඩවිය කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ මහ නගර සභාවලට අදාළ 1947 අංක 29 දරන ආඥාපනතේ තුන්වැනි කොටසේ නගරාධිපතිවරයා සම්බන්ධයෙන් සඳහන් වන 16 වගන්තිය අනුව මෙම නාමය භාවිතා කර ඇති බවයි.

“සෑම මහ නගර සභාවකම නගරාධිපතිවරයාට සහ නියෝජ්‍ය නගරාධිපතිවරයාට ඔහු අදාළ ධුරය දරන කාලය තුළදී, අදාළ මහ නගර සභාව පිහිටි පරිපාලන දිස්ත්‍රික්කය තුළ සාමදාන විනිශ්චයකාර සහ නිල නොලත් මහේස්ත්‍රාත් යන ධුර දැරිය හැකිය.” යනුවෙන් එහි දැක්වෙන බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය සමග අදහස් දක්වා ඇති නීතිඥ නිමල් රණසිංහ පෙන්වා දී ඇත්තේ අදාළ ආඥාපනත ඉදිරිපත් වූ කාලයට සාපේක්ෂව එකී නිල නාමය ලබාදී ඇති බවයි.

“ඉහත කාලයේ ආණ්ඩුවේ ඒජනත්වරුන් නඩු ඇහුවා. ඒක ඒ කාලයේ තිබුණු ප්‍රතිපාදනයක්. දැන් ක්‍රියාත්මක නෑ. ඉස්සර ගම්සභා උසාවිවල නඩු ඇහුවෙ ගම් සභාවෙ සභාපති. දැං ඒව නෑනෙ. මේකත් ඒ වගේ.” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

Continue Reading

News

CIDය භාරයේ සිටි අසාද් සාලිට හදිසි හෘදයාබාධයක්, වහාම රෝහල්ගත කරයි

Published

on

By

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහලේ ප්‍රකාශයෙකු සඳහන් කළා.

හිටපු ආණ්ඩුකාරවරයා ඊයේ (18) රාත්‍රියේ රෝහලට රැගෙනවිත් ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව ද වාර්තා වේ.

Continue Reading

Trending