Connect with us

News

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කරන්නේ නැහැ – ඇමති සරත් වීරසේකර

Published

on

තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කිරීමට නියමිත බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අංශ තුනක් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර එම අදහස් පළ කළේය.

“අපේ බාල පරපුර ඉතාම පැහැදිලි ලෙස මේ මත්කුඩු උවදුරට ගොඳුරු වෙනවා. කොටස් තුනකින් තමයි එය නැතිකරන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි භෞතිකව මේ රට තුළට එන මත්ද්‍රව්‍ය පුළුවන් තරම් අපි නතර කිරීමට බලනවා. අපි දන්නවා ඒවා නිෂ්පාදන වෙන්නේ බොහෝ දුරට ඇෆ්ගනිස්ථානයෙන්. ඒවා පකිස්තානය සහ ඉරානය හරහා තමයි එන්නේ. ඒ මුහුදු මාර්ග අපි දැනගෙන ඒ මුහුදු මාර්ගවලට නාවික හමුදා නෞකා ස්ථාපිතකරලා ඒවා භෞතිකව නතර කරනවා. දෙවෙනි එක තමයි ඉල්ලුම අඩුකරන්න ඕනේ. ඉල්ලුම අඩුකරන්න නම් පාසල්වල අපි කමිටු හදනවා හෙට අනිද්දා වෙනකොට. ඒ තුළින් ඒ ඇබ්බැහිවෙන්නන් සහ මත් උවදුරේ ඇති භයානක කම ගැන උපදේශනයක් දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මීට පස්සේ ඇබ්බැහිවෙන අය කවදාවත් අපි බන්ධනාගාර ගත කරන්නේ නැහැ. ඒ අයව පුනරුත්ථාපනය කරනවා.“

News

කඩා දැමූ ගාල්ලේ ගෝඨාගෝගම ශාඛාව නීතිඥවරුන්ගේ මැදිහත් වීමෙන් යළිත් ලබා දෙයි

Published

on

By

ගාළුමුවදොර ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගලයට සමගාමීව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණය සඳහා සවිකර තිබූ අට්ටාලයක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය කටයුතු කර තිබුණා.

අප්‍රේල් 17 දින පෙරවරුවේ කඩා වැදුනු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අට්ටාලය ඉවත් කර පොලිසිය වෙත ගෙන ගොස් තිබූ අතර ගාල්ල නීතිඥවරුන් කණ්ඩායමක් පොලීසිය වෙත කරුණු විමසා තිබුණා. ඒ අනුව, අදාළ කූඩාරම උද්ඝෝෂකයින් වෙතම නැවත භාර දීමට ගාල්ල පොලිසිය එම නීතිඥවරුන්ට පොරොන්දු වී තිබෙනවා.

පොලිසිය විසින් සිදු කරන ලද ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති පුරවැසියන්ගේ අයිතියට එරෙහි ක්‍රියාවක් බව එම නීතිඥවරුන් පොලිස් නිලධාරීන් වෙත පෙන්වා දී තිබුණා.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් 12 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් සහභාගී වී ඇත.

Continue Reading

News

නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ “නිල නොලත් මහේස්ත්‍රාත්” රිමාන්ඩ්

Published

on

By

නිල නොවන මහෙස්ත්‍රාත් සහ සාමදාන විනිසුරු ලෙස නිල මුද්‍රාවක් ද භාවිතා කළ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ මැයි 27 දින මොරටුව විල්ලෝරවත්ත ප්‍රදේශයේ දී සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ‌අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මැයි 28 දින පෙරවරුවේ ගල්කිස්ස පොලීසියට බාර වීමෙන් අනතුරුවයි.

මෙම නගරාධිපතිවරයා විසින් භාවිතා කරන ලද නිල මුද්‍රාවක සටහන් කර තිබුණේ ‘ඩබ්. සමන් ලාල් ප්‍රනාන්දු, නිල නොලත් මහේස්ත්‍රාත් සහ සාමදාන විනිශ්චායකාර, නගරාධිපති, මොරටුව මහ නගර සභාව ලෙසයි.

නීතිඥවරයෙකු නොවන නගරාධිපතිවරයා, මෙලෙස “නිල නොලත් මහෙස්ත්‍රාත්” ලෙස සටහන් කර තිබීම සම්බන්ධයෙන් මීඩියාඑල්කේ වෙබ් අඩවිය කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ මහ නගර සභාවලට අදාළ 1947 අංක 29 දරන ආඥාපනතේ තුන්වැනි කොටසේ නගරාධිපතිවරයා සම්බන්ධයෙන් සඳහන් වන 16 වගන්තිය අනුව මෙම නාමය භාවිතා කර ඇති බවයි.

“සෑම මහ නගර සභාවකම නගරාධිපතිවරයාට සහ නියෝජ්‍ය නගරාධිපතිවරයාට ඔහු අදාළ ධුරය දරන කාලය තුළදී, අදාළ මහ නගර සභාව පිහිටි පරිපාලන දිස්ත්‍රික්කය තුළ සාමදාන විනිශ්චයකාර සහ නිල නොලත් මහේස්ත්‍රාත් යන ධුර දැරිය හැකිය.” යනුවෙන් එහි දැක්වෙන බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය සමග අදහස් දක්වා ඇති නීතිඥ නිමල් රණසිංහ පෙන්වා දී ඇත්තේ අදාළ ආඥාපනත ඉදිරිපත් වූ කාලයට සාපේක්ෂව එකී නිල නාමය ලබාදී ඇති බවයි.

“ඉහත කාලයේ ආණ්ඩුවේ ඒජනත්වරුන් නඩු ඇහුවා. ඒක ඒ කාලයේ තිබුණු ප්‍රතිපාදනයක්. දැන් ක්‍රියාත්මක නෑ. ඉස්සර ගම්සභා උසාවිවල නඩු ඇහුවෙ ගම් සභාවෙ සභාපති. දැං ඒව නෑනෙ. මේකත් ඒ වගේ.” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

Continue Reading

News

CIDය භාරයේ සිටි අසාද් සාලිට හදිසි හෘදයාබාධයක්, වහාම රෝහල්ගත කරයි

Published

on

By

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහලේ ප්‍රකාශයෙකු සඳහන් කළා.

හිටපු ආණ්ඩුකාරවරයා ඊයේ (18) රාත්‍රියේ රෝහලට රැගෙනවිත් ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව ද වාර්තා වේ.

Continue Reading

Trending